Sep 15, 2013

දිල්ලි නුවර සමුහ දුෂකයන්ට මරණ දඩුවම


Delhi Police hand out photos of Vinay Sharma , Pawan Gupta, Mukesh Singh, Akshay Thakur convicted for the notorious December 2012 gang rape and murder of a female student on a bus in the Indian capital, Delhi.දිල්ලි නුවර දී බස් රථයක් තුළ තරුණියක සමුහ දූෂණය කර මරා දැමූ බවට වරද කරුවන් වූ හතර දෙනාටම ඉන්දීය අධිකරණයක් විසින් මරණීය දඩුවම නියම කෙරිණ.
මරණ දඬුවම ප්‍රකාශයට පත් කරද්දී චුදිතයකු අධිකරණය තුළ හඬා වැලපෙනු දක්නට ලැබිණ.
නගරය වටා බස් රථය ධාවනය වෙමින් තිබිය දී ඔවුන් විසින් වරින් වර විසි තුන් හැවිරිදි ශිෂ්‍යාව දූෂණය කළ අතර පසුව ඇය මහා මග දමා යන ලදී.
පසුගිය දෙසැම්බර් මාසයේ දී විසි තුන් හැවිරිදි එම ශිෂ්‍යාව දූෂණය කොට මරා දැමීමේ සිද්ධියෙන් පසු ඉන්දියාව පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හට ගැනින.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වින්ශ්චයකාරවරයා පැවසුවේ මේ සිද්ධිය මගින් ඉන්දීය ඉන්දියාවේ පොදු ජන හෘදය සාක්ෂිය කම්පාවට පත් කොට ඇති බවයි.