Showing posts with label Politics. Show all posts
Showing posts with label Politics. Show all posts

Jan 14, 2015

සබරගමු මහ ඇමති පවුලේ අයත් සමග රට පනී

සබරගමු මහ ඇමති පවුලේ අයත් සමග රට පනීසබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුලු පවුලේ සාමාජකයෝ 6 දෙනෙක් විදෙස් ගත වීම සඳහා අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයට පැමිණ ඇති බව ගොසිප් සී ලංකා වෙබ් අඩවියට දැනගන්නට ලැබේ, මොවුන් සියළුම දෙනා පසුගිය රජයේ මුදල් වංචා කීරීම් සහ අයතා ලෙස රජයේ ඉඩම් විකිණීම් ආදී හොරකම් කිහිපයකට සම්බන්ධ බවයි සබරගමුව ජනතාව පවසන්නේ, කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල් 225 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා ගොස් ඇති අතර ඩුබායි සිට මොවුන් ඇමරිකාව බලා යෑමට නියමිත බවද ගොසිප් සී ලංකා වෙබ් අඩවියේ අපට දැනගන්නට ලැබේ, බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔවුන් සියළුම දෙනා ඇමරිකාවේදී පිළි ගැනීමට නියමිත බවද දැනගන්නට ලැබේ.