Showing posts with label Local news. Show all posts
Showing posts with label Local news. Show all posts

Apr 12, 2014

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට තෙල් ගෙන ගිය​ බවුසරයක් ගිනිගනියි

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගුවන් යානා ඉන්ධන රැුගෙන ගිය බවුසරයක් සූරියවැව මීගහජදුර ප‍්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී තිබෙනවා. පොලිසිය පවසන්නේ එම බවුසරය නවතා තිබූ බස් රථයක ගැටී මාර්ගය හරහා පෙරළී යාමෙන් ගින්න ඇති වූ බවයි. එහි රැගෙන ගිය ගුවන් යානා ඉන්ධන ප‍්‍රමාණය ලීටර් තිස් තුන්දහසක් පමණ වනවා. කෙසේවෙතත් අදාළ අනතුරෙන් ජීවිත හානි හෝ කිසිවෙකුට තුවාල සිදුව නැහැ. බවුසරයේ රියැදුරා ඉන් ඉවතට පැන ජීවිතය බේරාගෙන තිබෙනවා.

කාන්තාවන්ගේ පියයුරු වර්ධනය කරන චුයින් ගම්

කාන්තාවන්ගේ පියයුරු වර්ධනය කරන චුයින් ගම්
පියයුරුවල ප්‍රමාණය,වර්ණය සහ හැඩය වර්ධනය කිරීමට හැකියැයි විශ්වාස කරන චුයින් ගම් වර්ගයක් මේ දිනවල ජපන් වැසියන් අතර ජනප්‍රිය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බී බී සී පුවත් සේවය වාර්තා කරන ආකාරයට B2Up යන සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම චුයින් ගම් වර්ගය 'බස්ට් අප් ගම්' ලෙස හඳුන්වයි.
එය දිනකට හතර වරක් පමණ භාවිතා කිරීමෙන්  ලේ ගමනාගමනය වර්ධනය වනවා පමණක් නොව , ආතතිය අවම කර වයසට යාමට එරෙහිවද සටන් කරන  බව වර්තා වේ.
මෙම  චුයින් ගම් වර්ගය නිෂ්පාදනය කර ඇත්තේ  Pueraria mirifica යන ශාකයේ කොටස් යොදාගෙනයි.
එයට පේශි පටක නැවරදි ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව විශ්වාස කරයි.
තායිලන්තයේ චුලලොන්ග්කෝර්න් විශ්වවිද්‍යාලයේදී සිදුකරන ලද පර්යේෂණ වලින් එම ශාක කොටස් යොදගෙන සිදුකරන ලද ප්‍රතිකාර තුලින් පියයුරු වල ප්‍රමාණය 80% කින් වර්ධනය කරගත  හැකි බව හඳුනාගෙන ඇත.
මීට අමතරව එංගලන්තයේ මේ පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ එය සම, කොණ්ඩය සහ පියයුරු වල යහපත් පැවැත්මට උපකාරී වන බවයි.

දෙරණ මිස් ශ්‍රී ලංකා හදිස්සියේ කසාද බැන්දේ ඇයි ?

Lanka Gossip Girl - Gossip Lanka News
වසර 2012 දී දෙරණ මිස් ශ්‍රී ලංකා බවට පත් නිළියක වන සුමුදු ප්‍රසාදිනී පසුගිය 04 වැනිදා විවාහ දිවියට එක් විය.
ඇගේ අතගත්තේ සම්පත් බැංකුවේ සේවය කරන මොස්තර නිරූපන ශිල්පියකු හා ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායමේ සාමාජිකයකු වන මිථිල අබේසේකරය.
මොවුන්ගේ විවාහය හදිස්සියේ සිදුවූයේ මිථිලට පැසිපන්දු පිල සමඟ විදෙස් සංචාර දෙකකට එක්වීමට තිබූ නිසා බව පැවසේ.
අඩි හයයි අඟල් හතරහමාරක් උස මිථිලව සුමුදුට හමුව ඇත්තේ මෝස්තර නිරූපන අවස්ථාවකදී බවද පැවසේ.
කොහොමවුණත් කුරුණෑගල උපන් සුමුදු කොළඹ කොල්ලෙක් ජීවන සහකරු කර ගැනීමට බියෙන් සිටි බවද වාර්තා වේ.

කුමාර සංගක්කාරට ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක වන්නැයි ආරාධනා

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතකරු කුමාර සංගක්කාරට මීලඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වන ලෙස ආරාධනා කර තිබේ.

මෙම ආරාධනය සිදු කර ඇත්තේ ලෝක ශූර ශ‍්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තුවේ උපහාර පිළිගැනීම සඳහා එහි ගිය අවස්ථාවේදීය.

පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සමඟ සංගක්කාර කතා බහ කරමින් සිටියදී එජාප මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක ‘දැන් ඉතින් පාර්ලිමේන්තු එන්න කාලෙ හරි’ යයි සඳහන් කර ඇත.

‘ඔයා හොඳයි ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වෙන්න’ යයි ඊට තවත් අදහසක් එකතු කල මන්ත‍්‍රී නලීන් බණ්ඩාර කීවේය.

කුමාර සංගක්කාර කිසිත් නොකියා ඊට සිනහ වී ඇත.

Apr 11, 2014

ලිංගේන්ද්‍රිය කැපීමේ සිද්ධි දෙකක්

ලිංගේන්ද්‍රිය ආශ්‍රිත කැපුම් තුවාල සම්බන්ධ සිද්ධි දෙකක් අද වාර්තා විය.
ඉන් එක් සිද්ධියක් වාර්තා වූයේ, දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ S වංගුව ප්‍රදේශයෙනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, අද අලුයම 119 දුරකතන අංකයට ලැබුණු තොරතුරක් අනුව මහ මග වැටී තිබූ එම පුද්ගලයාගේ සිරුර සොයා ගත් බව ය.
එම සිරුරේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ කැපුම් තුවාල තිබූ බව ද ඔහු සඳහන් කළේ ය.
මෙම සිද්ධිය පිළිබඳව ‍ගලේවෙල පොලීසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ අතර, සිය ලිංගේන්ද්‍රිය කපා ගත් බව කියන බඩල්කුඹුර ප්‍රදේශයේ 24 හැවිරිදි විවාහක පුද්ගලයෙකු රෝහල්ගත කර තිබේ.
ඔහුගේ බිරිඳ පොලීසියට පවසා ඇත්තේ, ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව ය.