
මෙම ආරාධනය සිදු කර ඇත්තේ ලෝක ශූර ශ‍්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තුවේ උපහාර පිළිගැනීම සඳහා එහි ගිය අවස්ථාවේදීය.
පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සමඟ සංගක්කාර කතා බහ කරමින් සිටියදී එජාප මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක ‘දැන් ඉතින් පාර්ලිමේන්තු එන්න කාලෙ හරි’ යයි සඳහන් කර ඇත.
‘ඔයා හොඳයි ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වෙන්න’ යයි ඊට තවත් අදහසක් එකතු කල මන්ත‍්‍රී නලීන් බණ්ඩාර කීවේය.
කුමාර සංගක්කාර කිසිත් නොකියා ඊට සිනහ වී ඇත.