Apr 12, 2014

දකුණේ සංචාරක ස්ථානවලට යන්නෙ පරිස්සමෙන් - ශ‍්‍රී ලංකාව​ ලෝකයෙන් පිරිහෙයි

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණෙන බි‍්‍රතාන්‍ය ජාතිකයින්ට එරට රජය අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ අවන්හල් සහ මත්පැන් අලෙවි කරන ස්ථානවලට යාමේ දී විමසිලිමත් වන ලෙසයි. එම ස්ථානවලින් ලබා ගන්නා බිම වර්ගවලට මත් ද්‍රව්‍ය මිශ‍්‍රකර ලබාදෙන බවට වාර්තා ලැබී ඇති බවයි බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය නිවේදනය කර ඇත්තේ. එවැනි මත්ද්‍රව්‍ය යෙදු බීම වර්ග පානය කළ ඇතැම් බි‍්‍රතාන්‍ය කාන්තාවන් විවිධ හිරිහැරයන්ට ලක්ව ඇති බවද වැඩිදුරටත් වාර්තාවනවා. එබැවින් එම අවන්හල් සහ මත්පැන් අලෙවිකරන ස්ථානවලට යාමේ දී සහ රැුඳි සිටිමේ දී සැලකිලිමත්වන ලෙසයි එම කාර්යාලය බි‍්‍රතාන්‍ය ජාතිකයින්ට දැනුම් දී ඇත්තේ.

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට තෙල් ගෙන ගිය​ බවුසරයක් ගිනිගනියි

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගුවන් යානා ඉන්ධන රැුගෙන ගිය බවුසරයක් සූරියවැව මීගහජදුර ප‍්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී තිබෙනවා. පොලිසිය පවසන්නේ එම බවුසරය නවතා තිබූ බස් රථයක ගැටී මාර්ගය හරහා පෙරළී යාමෙන් ගින්න ඇති වූ බවයි. එහි රැගෙන ගිය ගුවන් යානා ඉන්ධන ප‍්‍රමාණය ලීටර් තිස් තුන්දහසක් පමණ වනවා. කෙසේවෙතත් අදාළ අනතුරෙන් ජීවිත හානි හෝ කිසිවෙකුට තුවාල සිදුව නැහැ. බවුසරයේ රියැදුරා ඉන් ඉවතට පැන ජීවිතය බේරාගෙන තිබෙනවා.

අතුරුදන් මැලේසියානු ගුවන් යානය පිළිබඳ නවතම හෙළිදරව්වක් මෙන්න​

අතුරුදන් මැලේසියානු ගුවන් යානය රේඩාර් සංඥාවලින් ගලිහී යාමට මෙහොතකට පෙර එහි සහය නියමුවා දුරකතන ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
අදාළ තොරතුර හෙළි වී ඇත්තේ, අතුරුදන් මැලේසියානු ගුවන් යානය සම්න්ධයෙන් විමර්ශන සිදුකරන නම හෙළි නොකළ විමර්ශකයින් පිරිසක් විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් මගිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සහය නියමු අබ්දුල් හමීඩ් සිය ජංගම දුරකතනයෙන් අදාළ ඇමතුම ලබා ගැනීමට උත්සාහ දරා ඇති බව අදාළ විමර්ශකයින් හෙළි කර ඇති බව ය.
අදාළ වාර්තාව නම් කර ඇත්තේ, උදව් සඳහා ගනු ලැබූ නිශ්ඵල  ඇමතුම යනුවෙනි.
ඔවුන් සිය වාර්තාවෙන් වැඩි දුරට ත් පවසා ඇත්තේ, ගුවන් යානයේ පියාසර වේගය ත් සමග දුරකතන ඇමතුම එකවරම  විසන්ධි වන්නට ඇති බව ය.

කාන්තාවන්ගේ පියයුරු වර්ධනය කරන චුයින් ගම්

කාන්තාවන්ගේ පියයුරු වර්ධනය කරන චුයින් ගම්
පියයුරුවල ප්‍රමාණය,වර්ණය සහ හැඩය වර්ධනය කිරීමට හැකියැයි විශ්වාස කරන චුයින් ගම් වර්ගයක් මේ දිනවල ජපන් වැසියන් අතර ජනප්‍රිය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බී බී සී පුවත් සේවය වාර්තා කරන ආකාරයට B2Up යන සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම චුයින් ගම් වර්ගය 'බස්ට් අප් ගම්' ලෙස හඳුන්වයි.
එය දිනකට හතර වරක් පමණ භාවිතා කිරීමෙන්  ලේ ගමනාගමනය වර්ධනය වනවා පමණක් නොව , ආතතිය අවම කර වයසට යාමට එරෙහිවද සටන් කරන  බව වර්තා වේ.
මෙම  චුයින් ගම් වර්ගය නිෂ්පාදනය කර ඇත්තේ  Pueraria mirifica යන ශාකයේ කොටස් යොදාගෙනයි.
එයට පේශි පටක නැවරදි ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව විශ්වාස කරයි.
තායිලන්තයේ චුලලොන්ග්කෝර්න් විශ්වවිද්‍යාලයේදී සිදුකරන ලද පර්යේෂණ වලින් එම ශාක කොටස් යොදගෙන සිදුකරන ලද ප්‍රතිකාර තුලින් පියයුරු වල ප්‍රමාණය 80% කින් වර්ධනය කරගත  හැකි බව හඳුනාගෙන ඇත.
මීට අමතරව එංගලන්තයේ මේ පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ එය සම, කොණ්ඩය සහ පියයුරු වල යහපත් පැවැත්මට උපකාරී වන බවයි.