යතුරුපැදි අනතුරකට ලක්වු අට හැවිරිදි පාසල් සිසුවයකගේ කකුලෙන් වෙන්වී හමෙන් එල්ලෙමින් තිබූ වළලුකර කොටස විශ්විත ලෙස බද්ධ කිරීමට කරාපිටිය මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙවනවා.ගාල්ල සංඝමිත්තතා බාලිකා රෝහලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දේනුනි නමැති මෙම සිසුවිය තම මව හා සීයා සමග ශිෂ්‍යත්ව පංතියට ගොස් එද්දී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින අතරවාරයේ නින්ද යාමෙන් ඇය ඇලවී ගොස් දකුණු කකුල යතුරුපැදියේ පසුපස රෝදය අස්සට ගොස් හිරවී මේ අවාසනාවන්ත අනතුර සිදුව තිබෙනවා.
යතුරුපැදිය පැදවූ ඇගේ සීයා වහාම යතුරුපැදිය නතරකොට බලනවිට සිසුවියගේ වළලුකර කකුලෙන් වෙන්වී හමෙන් පමණක් එල්ලෙමින් තිබී ඇත. අනතුරට පත්වූ සිසුවියගේ කකුලේ අස්ථි සහ මස් කැබලි එකතුකොට පොලිතින් බෑගයක දමාගත් ඇගේ මව තම දියණිය වහාම කරාපිටිය රෝහලට ගෙන ගියා. එහි දී වකුගඩු හා නහර බද්ධ කිරීම පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජක උභේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඇයගේ කකුල බද්ධ කිරීමේ සැත්කමට අතගැසූ අතර එය සාර්ථකව නිමකර තිබෙන බවට වාර්තා වෙනවා.